The column ‘Biodiversity of Home Gardens’ that I started on 2017 on Vidusara sinhala science weekly completes 2 years on this World Environment Day. We are so much concern about the beauty of the birds in forests like Sinharaja or wetlands like Kumana. We are so much fond of visiting wildernesses to see charismatic animals such as elephants, leopards, whales. But what about the biodiversity in our own door-step..? We’ve got beautiful singers like Magpie-robin, Asian koel; skillful dancers like Fantail Flycatcher – so many beautiful birds, butterflies and other interesting creatures. Yes, they are common, but still there are lots of interesting things to watch. But as we are unaware and paying less attention, most of us miss such interesting drama unfolded everyday in our own backyards and around. So the aim of the ‘Biodiversity of Home Gardens’ is to portray some of the interesting biodiversity that still remain in the home gardens with intention to improve the quality of home gardens to facilitate the creatures can link the people with nature.
Following article was published on Vidusara on 05.06.2019. I wrote about the methods I used to attract butterflies to our garden, sharing their successes encouraging the readers to follow same.
අද ජුනි 5 ලෝක පරිසර දිනයයි. ගෙවත්තේ ජෛව විවිධත්වය ලිපි මාලාව ආරම්භ කිරීමට අඩිතාලම දැමුනේ ‘සොබාදහම සමග සම්බන්ධ වෙමු’ (connecting people to nature) තේමාව යටතේ සැමරූ 2017 ලෝක පරිසර දිනයට සමගාමිව විදුසර පුවත් පතේ පළවූ ලිපියකිනි. කාර්යබහුලත්වය නිසා සමහර කාලවලදී ලිපි පළකිරීමට නොහැකි වුවත්, මේ වන විට ගෙවත්තේ ජෛව විවධත්වය ලිපි මාලාව දෙවසරක් සපුරයි. මෙම ලිපි මාලාවේ මුලිකම අරමුණ වුයේ අපගේ ‘සොබාදහම සමග සම්බන්ධ වීමට අපට ඇති පළමු සහ ප්‍රමුඛතම අවස්ථාව අපගේ ගෙවත්ත’ බව ඉස්මතු කිරීමයි. හොදින් නිරීක්ෂණය කළහොත්, කොතරම් කුඩා වුවත් අපගේ ගෙවතු හා ඒ අවට තවමත් විවිධාකාරයේ ජීවින් සිටින බවත් ඒ අතරින් කුරුල්ලන්, සමනලුන් වැනි සතුන් සැබැවින්ම පරිසරයේ අලන්කාරත්වයත් අපුර්වත්වයත් අපගේ ගේ එළිපත්තටම ගෙන එන බවත් පසක් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ විය.
‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ තුළින් බොහෝ විට මාගේ පෞද්ගලික අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගත්තේ ප්‍රයෝගිකව ම ඔබටත් එවැනිම ආකාරයේ නිරීක්ෂණයන් සිදුකල හැකි බව පසක් කිරීමටය. රුපවාහිණීයේ නාටක, චිත්‍රපට, කාර්ටුන් වැනි වැඩසටහන් වලට ඇබ්බැහි වී ගත කරන කාලයෙන් බිදක් තම ගෙවත්ත ට පිවිස පරිසරය සමග ගැවසීමෙන් පරිසරයේ අපුර්වත්වය තම ගෙවත්තෙන් පවා විදගත හැකි බව මේ වනවිට ඔබටත් තහවුරු වී ඇතැයි සිතමි. බොහෝ විට මාගේ දියණියත් මෙම ‘ගෙවතු ගවේෂණයන්’ සදහා සහභාගී කරවා ගෙන, ඒ අත්දැකීම් ද ඔබ හා බෙදා ගත්තේ, අද කාලයේ පරිසරයෙන් ඈත් වෙමින් සිටින කුඩා දරුවන්ට පවා තම ‘ගෙවත්ත’ පරිසරය පිළිබද පළමු අත්පොත ලෙස ගත හැකි බව පසක් කිරීම පිණිසමය.
අපගේ ගෙවත්ත ඉතා කුඩා ගෙවත්තකි. එහෙත් මේ වනවිට ගෙවත්ත සහ ඒ අවට සමනළුන් විශේෂ 15ට වැඩි ප්‍රමාණයක් ද කුරුල්ලන් 30 ට වැඩි ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ. මේ වන විට සමහර කුරුල්ලන් සහ සමනලුන් නිතරම අප ගෙවත්තේ ගැවසෙන සාමාජිකයන් වී සිටි. මේ වන විටත් සුටික්කකු එහි කැදැල්ලක් තැනු අතර සෑම දාම රාත්‍රියේ නිදා ගන්නා බට්ටිච්චකු මේ වනවිටත් නිරීක්ෂණය කර තිබේ. තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක තිබුනත් – කුඩා ගෙවත්තක් වුවත්, මේසේ කුරුල්ලන්/ සමනළුන් සැළකිය යුතු ප්‍රමාණයක් ඒමට හේතූන් මොනවාදැයි, අප ගෙවත්තේ දි ගත ජායාරූප සහ නිරීක්ෂණයන් දකින සමහරු අසති. එහි රහස නම්, අප ප්‍රදේශය අවට සිටින කුරුල්ලන් ට, සමනලුන්ට ප්‍රයෝජනවත් ගහ කොළ වැවීමයි. ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ට දෙවසරක් සපිරෙන දා ජීවීන් ට හිතකර ගෙවත්තක් කිරීමට ම ගත උත්සාහයත්, සමහර ජීවින් එයට දැක්වූ ප්‍රතිචාරත් බෙදා ගැනීමට සිතුවේ ඔබටත් එය ප්‍රයෝජනවත් වෙතැයි සිතන නිසාය.
කුරුල්ලන් ගෙන්වා ගැනීමට ලේසිම ක්‍රමය ඔවුන් ආහාරයට ගන්නා දේ හැදෙන ගස් සිටුවීමයි. අප ගෙවත්ත අවට සිටි කුරුල්ලන් අතර මල්පැණි බී ජිවත් වන සුටික්කන් ගෙන්වා ගැනීමට මල් පැණි සහිත පුෂ්ප හට ගන්න ගස් කිහිපයක් ම ගෙන්වා සිටුවීමි. මේ අතරින් සමහර ශාක වලට ඔවුන් ආකර්ෂණය නොවුණු නමුත්, ටැකොමා නම් වූ මල් වර්ගය ඔවුන් ගෙවත්ත වෙත දිනකට කිහිප වතාවක්ම ගෙන ඒමට සමත් විය.
ගෙවත්ත වෙත ආකර්ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ගෙන් වඩාත් ම සාර්ථක වුයේ සමනලුන් ගෙන්වා ගැනීමට ගත උත්සාහයයි. රාජපොහොට්ටු, සීනියා මෙන්ම දුරන්ත මල් වර්ග මේ සඳහා ප්‍රධාන කොටම උපකාරී විය.
අප ගෙවත්තේ තිබෙන ගස් අතරින් වඩා වටිනාම ශාකය තෝරා ගැනීමට වුවහොත්, මා ඊට තෝරා ගන්නේ දුරන්ත (Durantha) නම් වූ දම් පැහැති කුඩා මල් පිපෙන ශාකයයි. ‘දූරෙන්ද’ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වූ වැටවල් වල සිටුවන ශාකයක දෙමුහුන් කිරීමකින් වැඩිපුර මල් සැදෙන සේ වැඩි දියුණු කළ මේ ශාකය සමහරු කිසිදු වැඩකට නැති ගසක් ලෙස සැලකුවත්, මෙහි මල් පිපෙන්නට පටන් ගත් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට මින් පෙර අපගේ ගෙවත්තේ නොදුටු සමනළුන් වර්ග 4ක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. වැඩි සැළකිල්ලක් ද අනවශ්‍ය මේ දුරන්ත ශාකය සමනලුන් ආකර්ෂණය කර ගැනීමට ඔබටත් සිටුවිය හැකි ශාකයකි.
සමනලුත් ආකර්ෂණය කර ගැනීමට සමත් ශාඛ අතරින් මා ප්‍රියකරන අනිකුත් ශාකය වුයේ අක්කපාන ශාකයයි. පොත් අස්සේ දැමු විට මුල් අදින පත්‍ර සහිත අක්කපාන ශාකයක් මුලින්ම ගෙනාවේ අප නිවසේ අත් වැඩ කරදීමට පැමිණි කාන්තාවයි. ලස්සන රතු පැහැති මලක් පිපෙන නිසා අලංකාර ශාකයක් ලෙස ගෙනා මෙම ගස අසල ලස්සන කුඩා සමනලයෙකු ගැවසෙනවා කිහිප දිනකම නිරීක්ෂණය කළ මම ඒ සමනළයා හදුනා ගැනීමට අත්පොතක් පරික්ෂා කරන්නට පටන් ගති. ඒ Red Pierrot (රතු කොනන්ගියා) නම් සමනලයා ලෙස හදුනා ගත මා වඩා පුදුම වුයේ ඒ සමනළයා බිත්තර දමනා ධාරක ශාකය අක්කපාන බවත් යන විස්තරය කියවීමෙනි. ඉන් පසු දිනම විසිතුරු පැළ විකුණන ස්ථානයකින් අක්කපාන පැල කිහිපයක්ම ගෙනවිත් සියල්ල ආසන්නයේ තිබෙන්නට හරින ලදී. පුදුමයකට මෙන් දින කිහිපයකට පසු මෙම Red Pierrot සමනළයින් 5 දෙනෙකුම අපගේ ගෙවත්තේ දක්නට ලැබුනේ මා සහ මාගේ දියණිය ඉතාමත් සතුටට පත් කරමිනි. මේ අතරින් සමණලයෙකු අක්කපාන කොළයක බිත්තර දමනවා පවා නිරික්ෂණය කිරීමට හැකි විය.
සමනලුන් ගේ දළඹුවන් නිසා අනිකුත් බෝග වලට හානි සිදුවන අවස්ථා ද නැත්තේම නොවේ. හැබැයි, අපේ ගෙවත්තේ එවැනි අවස්ස්තාවන් එකක් පමණි – ඒ Common Cerulean නම් වූ සමනළයා ගේ දළඹුවන් විසින් අපගේ ගෙවත්තේ මෑ කරල් විනාශ කර දැමීමයි. කෙසේ වෙතත් දැන් වන විට නාගරික සහ ගම්බද ඉතිරිවී සිටින ජිවින් සංරක්ෂණය සඳහා අපගේ ගෙවතු මෙවැනි ජිවින්ට හිතරකර ලෙස සකස් කට ගැනීම ඉතාමත් වැදගත් වේ.
ඔබ තවත් මතකයේ තබා ගත යුතු කරුණක් වනුයේ කුරුල්ලන් සහ සමනළුන් ආකර්ෂණය කර ගැනීමට ගන්න සමහර උත්සාහයන් සාර්ථක නොවීමට ද ඉඩ තිබෙන බවයි. විශේෂයෙන්ම තෝරා ගත සමනළුන් ඉතා ප්‍රිය කරන මල් වර්ගයක් ලෙස බලු නගුට ශාකයත්, සමනලුන් ගේ ප්‍රියතම ධාරක ශාකයක් වූ සප් සඳ වැලත් වගා කළත් අප ගෙවත්තේ දී මේ දෙකටම සමනලුන් ආකර්ෂණය නොවිය. සමනලුන් බිත්තර දමනුයේ, එම සමනලයාට ම විශේෂිත වූ ධාරක ශාඛයක ම වන අතර දෙහි කුලයේ ශාක, අනෝදා වලත් සමහර සමානලයින් බිත්තර දමන බව සදහන් වන නිසා, මේ ශාක වගා කලත් – ඒවාද තවමත් සාර්ථක නොවුනි.
පළතුරු බුදින කුරුල්ලන් අතරින් ගිරවුන්, පොළොස් කොට්ටෝරුවන් අප ගෙවත්ත අවට නිතර ගැවසෙයි. පේර, කාමරන්කා මෙන්ම පැපොල් ද වගා කළේ විශේෂයෙන්ම මේ පලතුරු බුදින්නෝ ගෙන්වා ගැනීමට වුවද, එය සාර්ථක නොවිය. පේර ගසේ පිටි මකුණන් නිසා ගෙඩි නොසෑදුන අතර, කාමරන්කා සහ පැපොල් ගස් වල ගෙඩි කෑමට කිසිම කුරුල්ලෙකු හෝ ලේනෙකු පැමිණි සලකුණක් හෝ දැකගත නොහැකි විය.
මෙයින් පෙනී යනුයේ අපගේ සියලු ම උත්සාහයන් සාර්ථක නොවිය හැකි බවත්, එනමුත් උත්සාහය ඇත නොහැර, පරීක්ෂණ කිරීම මගින්, ඔබ ගෙවත්තේ තිබෙන ප්‍රදේශයේ ජීවින් ට අනුකුල වන ලෙස ගෙවත්ත සකස් කර ගැනීම මගින් ඔබ ගෙවත්තේ සහ අවට ජෛව විවිධත්වය වැඩි කරගත හැකි බවයි. මදුරුවන් වැනි අහිතරක ජීවින් බෝ නොවන ලෙස අපගේ ගෙවතු පරිසර පද්දතීන් නඩත්තු කර ගැනීම පිළිබදවත් සැළකිල්ල යොමු කරගත යුතු වේ.
ඔබත් මෙසේ සමනලුන්ට කුරුල්ලන්ට හිතකර ගෙවත්තක් සකසා ගැනීමට ලෝක පරිසර දිනය සමරන අද දින අදිටන් කර ගන්න. එසේ කිරීම තුළින් අපිට ත් ‘සොබාදහම සමග සම්බන්ධ විමට’ අපගේ ගෙවත්තේ සිටමහැකි වනු ඇත.
ඔබගේ අත්දැකීම් ද ‘ගෙවත්තේ ජෛව විවිද්හත්වය’ තුලින් බෙදා හද ගන්නට කැමති නම් අප වෙත ලියා එවන්න.