Quantcast
Channel: Window to Nature
Viewing all articles
Browse latest Browse all 443

කොරෝනා අතරේ උදාවූ ගෙවත්තේ කුරුල්ලන් ගේ දොරට වඩින සමය

$
0
0

Published on Vidusara on 27.May.2020 http://www.vidusara.com/2020/05/27/viduindex.htm

සෑම වසරකම මේ කාර්තුව ගෙවතු ආශ්‍රිතව හමුවන බොහෝමයක් කුරුල්ලන් ගේ සුවදි සමයේ අවසාන කාර්තුවයි. කැදලි වලින් දොරට වැඩිම් මේ කාලයේ දී බහුලව සිදුවන බැවින් අනතුරුවලට මුහුණ දී තුවාල වූ හෝ හරිහැටි පියඹීමට නොහැකි කුරුළු පැටවුන් ද මුණගැසීමට අවස්තාවන් ද මේ කාලයේදී සමහර විට ඔබට ද මුහුණ දීමට සිදු වීමට හැකිය.

මෙවන් අත්දැකීමක් රාජගිරිය ප්‍රදේශයේ ජිවත් වන රෝහිත මෙන්ඩිස් හට තම ගෙවත්තේ දී මුහුණ දීමට සිදුවිය. කුරුලන් නරඹද්දී රෝහිතගේ අවධානය යොමුවූයේ ගෙවත්තේ ගසක් යට වැටි සිටි කුරුළු පැටවෙකු දෙසටයි. ශරීරය කෙටි කළු පිහාටු වලින් වැසි තිබුණු කුරුළු පැටවාගේ හිසේ කිරුලේ තිබු රතු පැහැති පිහාටු නිසා ඒ කැරළ කුරුළු පැටවෙකු බව හඳුනා ගත හැකි විය. අසල ගසක බෙනයක තිබූ කදල්ලකින් වැටී තිබුණු මේ කෑරල පැටියා ගේ දෙමාපිය කුරුල්ලන් එන තෙක් බොහෝ වෙලා බලා සිටියත්, පෙනෙන්නට නොසිටි හෙයින්, පිහාටු වැඩෙන තෙක් බලා ගැනීමට රෝහිතට සිදු විය.

කැලණියෙ හි වාසය කරන නිශාන්ති පෙරේරා ගේ ගෙවත්තේ දුටුවේ දී දුටුයේ සාමාන්යෙන් දක්නට නොලැබෙන දසුනක් වූ උකුසු (Shikra) පැටවෙකි. අසල වූ දැවැන්ත අඹ ගසක දී දෙමාපියන් විසින් මුලදී ආහාර ලබා දෙන අයුරුත්, ඉන් පසුව උකුසු පැටවාම දෙමාපියන් විසින් අල්ලා ගෙනවුත් දෙන ගොදුරු තනිවම ආහාරයට ගන්නා අයුරු තම ගෙවත්තේ සිටම නිරීක්ෂණයට නිශාන්ති හට අවස්ථාව ලැබිණි.

සාවිත්‍රී අමේන්ද්‍රා තම මිතුරෙකු ගේ මාදිවෙල දී ගෙවත්තක දී දුටුවේ එල්ලෙන බදුනක තිබු කැදැල්ලකි. මෙය බැම-සුදු කොන්ඩ කුරුල්ලෙකු ගේ බව පසුව තහවුරු විය. මෙසේ ඉහත සදහන් කෙරුනේ ගෙවතු වලදී පසු ගිය සති කිහිපයේ දී දක්නට ලැබුණු කුරුළු කැදලි සහ දොරට වැඩීම් පිළබදව නිරිශ්යන් කිහිපයක් පමණි.

මාර්තු සිට අප්‍රෙල්/මැයි මාස වලදී ගෙවතු ආශ්‍රිතව ජීවත් වන බොහෝ කුරුල්ලන් කැදලි තැනීම සිදු කරයි. ඉතින් මේ කැදලි තනන සමයේ කොතරම් දේවල් අපේ ගෙවත්තේ නිරීක්ෂණයට තිබේ ද..?

මහාචාර්ය සරත් කොටගමගේ ‘සිරි ලක කුරුල්ලෝ’ අත් පොතේ අර්ථ දැක්වීම අනුව ‘සුවැදීම’ (Breed) යනු පැටවෙකු බිහි කිරීමේ මුළු කටයුත්තටම පුළුල් ලෙසින් ද පටු ලෙසින් ද යොදා ගත හැකි වචනයකි. සහකරු තේරීමේ සිට පෙරපෙම් හැසිරීම් ඔස්සේ ලිංගික එක්වීම තෙක් ද ඉන් පසු කැදලි තේරීම, කැදලි තැනීම, බිත්තර දැමීම, බිත්තර රැක්විම, පැවවුන් බිහි කිරීම, පැටවුන්ට කැවීම, පැටවුන් රැක බලා ගැනීම, පැටවුන් කුඩුවෙන් පිටතට එක කර ගෙන යාම යන කටයුතු සහ අන්තිමේදී පටවා නිවහල් සතෙකු බවට පත් වීම දක්වා සියලු කටයුතු පුළුල් අරුතින් සුවැදීමට අයත්වේ. පටු ලෙස අර්ථ දැක්වීමේ දී කුඩුව තැනීම ඇරඹීමේ සිට පැටව කුඩුවෙන් පිට වීම තෙක් වූ සියලු කටයුතුවලට සුවදීම යයි කියනු ලැබේ.

සුවැදීමට, එනම් පැටවෙකු බිහි කිරීමේ මුළු කටයුත්තට අදාළ කෙරුම් රැසක් කුරුල්ලන් හදුනාගැනීමට ද උදව් වේ. මේ කෙරුම් අතර සහකරු තේරීම, කැදලි තැනීම, බිත්තර රැකීම සහ පැටවුන් රැක ගැනීම වෙයි. ඒවාට අදාලව මානාවන් හොට පිළිහැඬවීම (Beak rattling – හඩක් නිකුත් වන පරිදි කුරුල්ලෙකු තම හොටයේ හනු දෙක නැවත නැවත ගටවා ගැනීම), කොන්ඩයන් සහ පොල්කිච්චන් පියාපත් විතිරවමින් නැටීම, කෑදැත්තා සිය කිරිල්ලිය කැදැල්ල තුල මැටි ගසා සිර කිරීම, කපුටන් සහ දෙමලිච්චන් සමාජ පීරිමේ (Social preening -තම හොටයෙන් එකිනෙකා ගේ පිහාටු පීරා දීම/පිරිමැදීම) යෙදීම යන කටයුතු නිදසුන් කිහිපයකි.

කුරුළු පැටවුන් නිරීක්ෂණයේදී ද පරිස්සම් විය යුතුය. බොහෝවිට දෙමාපියන් තම පැටවුන් ආරක්ෂාකාරී තැනක තබා ආහාර සොයා යන අවස්ථා තිබේ. එවන් අවස්ථාවක තනිවම සිටින පැටවුන් ඔබගේ පැමිණීමෙන් කලබල වී එම ආරක්ෂාකාරී තැනින් ඉවත් වීමෙන් ලෙහ්සියෙන් විලොපිකයෙකුට ගොදුරුවීමට ඉඩ තිබේ. ඕනෑවට වඩා කිට්ටු වීමෙ දී කලබල වී පැටවුන් දෙමාපියන් ගෙන් වෙන් වීම ද විය හැකිය. නිරීක්ෂණයේ දී හෝ ජායාරුප ගැනීමේදී සැම විටම කුරුල්ලන් ගේ ආරක්ෂාව සැමවිටම ප්‍රමුඛ ව සැලකිය යුතු බව මතකයේ තබා ගන්න.

කැදැල්ලක් අනතුරට පත් වී හෝ කුරුළු පැටවකු එලියට වැටි සිටියහොත් කල යුතු හොඳම දේ, ගෙදර රැගෙන විත් ආරක්ෂා කිරීමට වඩා දෙමාපිය කුරුල්ලන් වෙත බාර දීමයි. එවන් පැටවකු මුනගසුනහොත් හැකියාවක් ඇතොත් නැවත කැදැල්ලේ තබන්න. තුවාල වී සිටිනම් හෝ දෙමාපිය කුරුල්ලන් ඒ අවට නැතිනම් පමණක් ම  මෙවන් අනතුරට පත් කුරුල්ලන් ට උදව් කිරීමට උත්සාහ කරන්න.  කොළඹ අවටින් මුණ ගැසුන කරදරයට පත් කුරුල්ලකු නම් වනජීවී දෙපාර්තමේන්තුව යටතේ අත්තිඩියේ ක්‍රියාත්මක කරදරයට පත් වන සතුන් බේරාගැනීමේ සහ පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානය (දුරකථන අංක 0113604147) වෙත භාර දිය හැකිය.

පහත දක්වනුයේ අප ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි පොදු කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සුවැදී සමයන් ලෙස මහාචාර්ය කොටගම ගේ ‘සිරි ලක කුරුල්ලෝ’ කුරුළු අත්පොතෙහි දැක්වෙන කාලයන් වේ.  සමහර කුරුල්ලන් ට සුවැදී සමයන් දෙකක් තිබෙන අතර සමහරෙකු ට නිශ්චිත සුවදි සමයක් දැක්විය නොහැක (නැතහොත්, එවන් කුරුල්ලන් ගේ කැදලි වසර පුරාම විටින් විට දැක ගත හැකිවේ).  සමහර කුරුල්ලන් මෙහි දැක්වෙන කාලයන් ට අමතර වද කැදලි තැනීම සිදු කිරීමට ඉඩ තිබෙන අතර, නිසි ලෙස වාර්තා කල ඔබගේ නිරීක්ෂණයන් කුරුළු විද්‍යාඥයන්ට තම දත්ත යාවත්කාල කරගනිමට උපකාරී වනු ඇත. ඒ නිසා ඔබගේ ගෙවත්ත හෝ අවටින් ද මෙවැනි කැදැල්ලක් හෝ පැටව් නිරීක්ෂණයන් ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය වෙත email මගින් ලබා දෙන්න gardenbirdwatch.srilanka@gmail.com.

දෙමලිච්චා – මාර්තු-මැයි (මුල් වතාව) අගෝස්තු – නොවැම්බර් (දෙවැනි)

පොල්කිච්චා : සුවදීම අවුරුද්ද පුරාම සිදුවිය හැකි වුවද මුල් වන්නේ මාර්තු සිට සැප්තැම්බර මාස

ඉන්දු කලුකිච්චා : මාර්තු-සැප්තැම්බර්

බැම සුදු පවන්පෙන්දා : අප්‍රේල්-මැයි

කව්ඩා : පෙබරවාරි – මැයි

පොලොස් කොට්ටෝරුවා: පෙබරවාරි සිට ජූලි (පළමු) අගෝස්තු-සැප්තැම්බර් (දෙවැනි)

රත්-කෑරලා (black-rumped Flameback) : මාර්තු-ජුනි (පළමු) අගෝස්තු-සැප්තැම්බර් (දෙවැනි)

ගේ කුරුල්ලා : වසර පුරාම

ලෝටන් සූටික්කා (Loten’s Sunbird) : පෙබරවාරි-මැයි 

ලාතුඩු පිළිලිච්චා : ජනවාරි-අගෝස්තු

කහ කුරුල්ලා : ඔක්තෝබර්-මැයි

මයිනා: මාර්තු-සැප්තැම්බර්

රෑන ගිරවා: සුවදි සමය නොවැම්බර් සිට ජුනි දක්වා යැයි පොදුවේ සැලකුවත් වසරේ ඕනෑම විටෙක පැටවුන් මෙන්ම සුවැදී හැසිරීම් දැක ගත හැකිවේ

ළයසුදු කොරවක්කා: අප්‍රේල්-අගෝස්තු

බමුණු පියාකුස්සා : ඔක්තෝබර් – අප්‍රේල්

මොණරා : දෙසැම්බර් – මැයි

රත් යටිමල් කිරළා : අප්‍රේල් – අගෝස්තු

අළු කොබෙයියා : සුවැදී සමය අවුරුද්ද මුළුල්ලේම වාගේ පැතිරේ. එහෙත් පෙබරවාරි-ජුනි / අගෝස්තු-සැප්තැම්බර් මුල් තැන් ගනී

නීල මහගොයා : දෙසැම්බර් – මැයි

කොව්ලා : සුවැදී සමය පොදුවේ අප්‍රේල්-අගෝස්තු දක්වා

ඇටි-කුකුළා (Greater Coucal) : සුවැදී සාමය පෙබරවාරි-සැප්තැම්බර් (පළමු) / ඔක්තෝබර් – දෙසැම්බර් (දෙවැනි)

කරපටි කන්බස්සා (Collared scops owl) : පෙබරවාරි-මැයි

ළයසුදු පිළිහුඩුවා : දෙසැම්බර්-ජුනි (මාර්තු/අප්‍රේල් මාස වල සුලබයි)

කොණ්ඩයා : මාර්තු-මැයි  / අගෝස්තු-සැප්තැම්බර්

බට්ටිච්චා: සුවැදී සමය අවුරුද්ද පුරාම පවතී. පෙබරවාරි – මැයි මුල් මාස වේ


Viewing all articles
Browse latest Browse all 443

Trending Articles