Published on Vidusara 18.03.2020. For the .pdf click on this link
යම් අවිනිශ්චිත අවධානමක් සෑම තැනම තිබුනත්, හැකි තාක් ගෙදරට ම වී සිටින ලෙසට අවධානය කෙරුණු මේ ‘කොරෝනා නිවාඩුව’ අපට බොහෝ කළෙකින් අපගේ ගෙවත්තට අවධානය යොමු කිරීමට ලද දුලබ අවස්ථාවකි. ඒ නිසා ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ලිපි මාලාව නැවතත් මෙලෙස ආරම්භ කරන නේ, ගෙවත්තේ ඔබගේ අත්දැකීම් විදුසර හරහා බෙදා හදා ගන්නා මෙන් ඉල්ලීමක් ද කරමිනි.
රෝගීන් කිහිප දෙනෙකුම සොයා ගැනීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවේ ත් නව කොරෝනා නැතහොත් Covid-19 වෛරසය පැතිරීම වැලැක්වීම පිණිස පාසල් වසා දමා ඇති අතර, උපකාරක පන්ති මෙන්ම දහම් පාසල් පවා වසා ඇත. රජය සඳුදා සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථානයන් ට නිවාඩුව දිනයක් ලබා දුන් අතර සමහර කාර්‍යාල වල සේවකයන් ට ගෙදර සිට වැඩ කිරීමේ පහසුකම් සලසා තිබේ. චිත්‍රපටි රඟහල, ජාතික වනෝද්‍යාන වැනි මිනිසුන් එක රැස් විය හැකි ස්ථාන වසා දමා ඇත්තේ, අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට ගෙදරින් පිටතට නොයන ලෙස ද උපදෙස් ලබා ලබා දෙමිනි.
පසු ගිය සතියේ මිනිසුන් කලබලයෙන් වෙළඳ සැල වලට දිවගියේ Covid-19 තවත් පතිරුනහොත් වෙන රටවල මෙන් එක් එක් ප්‍රදේශ යම් කාලයක ට වෙන් කර තබන්නට ක්‍රියා කිරීමක් සිදු වුවහොත්, බඩු හිගයක් ඇති වේය යන බිය නිසාය. මෙහිදී විශේෂයෙන් ම මිනිසුන් කල් තබා ගත හැකි වියලි අහාර රැස් කර ගැනීමට උත්සාහ ගත්තෝය. එහෙත් වියළි අහාර මෙන්ම අපගේ අහාරයට එළවලු, පළා මෙන්ම පළතුරු ද වැදගත් වේ. ඉතින් මෙවන් ආහාර හිගයක් සහිත කාලයකට අපට මුහුණ දීමට වුවහොත්, අපගේ සියලු ආහාර අවශ්‍යතා සපුරාගත් නොහැකි වුවත් ගෙවත්තේ ම පුළු පුළුවන් විදියට ගෙවතු වගාවක් කර ගැනීමේ වැදගත් කම Covid-19 අපට පසක් කල වැදගත් කරුණකි.
ගෙවතු වගාව නිසැකවම ‘ගෙවත්තේ ජෛව විවිධත්වය වැඩි කිරීමටත් හේතුවනු ඇත. උදාහරණයක් ලෙස කතුරු මුරුංගා ගසක් වවුවොත්, එහි බිත්තර දමන සමනලුන් ඔබේ ගෙවත්තට නිසැකයෙන්ම ඇදී එනු ඇත. එළවලු වල මල් පිපෙන කාලයේ ඒවාට මිමැස්සන් වැනි කෘමින් පැමිණෙනු ඇත. (හැබැයි, මෙසේ ගෙවත්තට ඇදෙන සමහර කෘමින් නම් වගාවේ පලිබෝධකයන් විය හැකිය. ස්වාභාවික පලිභෝධනාෂක භාවිතයෙන්, මෙවැනි බොහෝ පලිභෝධකයන් පාලනය කර ගැනීමට උත්සාහ කිරීමට හැකිවේ.)
ඔබත් ගෙවතු වගාව පටන් ගැනීමට කැමැත්තේ නම්, ඒ පිළිබද ව විස්තර බොහොමයක් අන්තර්ජාලය ඔස්සේ සිංහල භාෂාවෙන්ම ලබා ගැනීමේ පහසුකම් දැන් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මෙන්ම Facebook, Youtube හි තිබෙන විවිධ සමුහයන් ඔස්සේ ඔබට දැනුවත් විය හැකිය. ගෙවතු වගාවේදී ඔබට ඇතිවන ප්‍රශ්නත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක සමූහයන් හි සිටින පළපුරුදු වගාකරුවන් ගෙන් ලබා ගැනීම පහසුවේ.
මිට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ‘කෘෂි උපදේශන සේවාව’ 1920 දුරකතනය ඔස්සේ අමතිමෙන්ද ඔබට ගෙවතු වගාව ගැන උපදෙස් ලබාතත හැකිවේ.
ගමන් බිමන් නොගොස් ගෙතුළ ම හිර වී සිටින මේ දින කීපයේ ගෙවතු වගාවට යොමු වීමට අමතරව, ඔබ ගෙවත්තේ ජෛව විවිධත්වය පිළිබදවත් අවධානය යොමු කළ හැකිවේ.
* මේ ගෙවෙන්නේ නිහැරී කුරුල්ලන් මෙරට ගත කරන අවසාන සති කිහිපයයි. පසුගිය වසරේ සැප්තැම්බර/ ඔක්තෝබර කාලයේදී මෙරටට පියඹා පැමිණි නිල්-පෙද බිඟුහරයන් (Blue-tailed bee-eater), ආසියා රැහැන් මාරා (Asian Paradise Flycatcher) වැනි ගෙවත්ත ආශ්‍රිත කුරුල්ලන් තවමත් දැක ගත හැකි වන අතර ඔවුන් සියල්ලක් ම පාහේ මාර්තු මාසය අවසන් වනවිට නැවතත් තම නිජභූමි බලා ගමන අරඹයි.
* ශ්‍රී ලංකාව මේ දිනවල නියඟයකට මුහුණ පා සිටී. දිවා කාලයේ දී දරාගත නොහැකි රස්නයක් තිබෙන අතර, කුරුල්ලන් මෙන්ම අනිකුත් සතුන්ද ජාල හිගයකින් පීඩා විදි. කුරුල්ලන් ට දියබිමට සහ නෑමට වතුර බදුනක් තැබීමෙන් ඔබට මේ කුරුල්ලන් ට උදව්වක් කරන්නා මෙන්ම, ඔවුන් ඔබගේ ගෙවත්තට ම වැඩිපුර ගෙන්වා ගැනීමට හැකිවේ.
* ඉදිරියට එළඹෙන්නේ අවුරුදු සමයයි. අවුරුද්දේ පණිවිඩකරු වන කොහා තම ගීතය ගායනය ආරම්බ කරන්නේ මේ කාලයේ දිය. ඔබත් කන් යොමා අසා සිටින්න, ඔබගේ ගෙවත්ත ආසන්නයේ කොහා තම අවුරුදු ගීත ගායනය මුලින් ම සිදු කරන්නේ කවදා ද කියා.
- To get to know more about common garden birds, visit following link
http://www.gardenbirdwatch.wordpress.com/ - You are also invited to post your observations of home garden biodiversity on the Field Ornithology Group’s Facebook group https://www.facebook.com/groups/fogsl/permalink/3004063172969895/

You are invited to watch garden birds and share them on the FOGSL FB page https://www.facebook.com/groups/fogsl/